වරාය ඇමැතිවරයා ලෙස කටයුතු කරන්නේ ගිනිගත් නැවේ උෂ්ණත්වය සියයට ගණන්වලින් කියන මෝඩයෙකු බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.
ආණ්ඩුවට උවමනාවක් තිබිණි නම් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගත් බව දැනගත් අවස්ථාවේ ජාත්‍යන්තර මුහුදු සීමාවට පිටත්කර හැරීමට තිබූ බව ද ඔහු පෙන්වා දෙයි.
එහෙත් අහක යන නැවක හෝ ගින්න නිවා ගාණක් කඩා ගැනීම ආණ්ඩුවේ සැලසුම වූ බව ටිල්වින් සිල්වා සඳහන් කරයි.
එහෙත් මේ වන විට ලැබෙන වාර්තා අනුව නැව් හිමියන් අනුකම්පා කොට යම් මුදලක් ලබා දුනහොත් මිස සිදු වූ විනාශයට සාපේක්ෂව වන්දියක් ලැබෙනු ඇතැයි සිතිය නොහැකි බව ද ඔහු ප්‍රකාශ කරයි.
විද්‍යාත්මක ඇමැති මණ්ඩලයක් පත් කරන බව පැවසුව ද මෙය පැණි බී මුට්ටි පා කළ ඉතිහාසයේ අවිද්‍යාත්මක ම ආණ්ඩුව බවට ටිල්වින් සිල්වා චෝදනා කරයි.