වරායේ නැ. පර්යන්තය විකිණීම පරාජය කරන්න ඕනෑ ම තීන්දුවක් ගන්නවා! – දයාසිරි

December 23, 2020 at 9:46 am | by emanisa.lk

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීමට තම පක්ෂය විරුද්ධ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ඇමැති දයාසිරි ජයසේකර මහතා පවසයි.

ඔහු වැඩිදුරටත් පවසා සිටින්නේ මේ සම්බන්ධයෙන් ඉදිරි සතියේ දී පක්ෂය දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවය.

විදේශීය ආයෝජන අවශ්‍ය නම් වරායේ දකුණු පර්යන්තයට ආයෝජනය කිරීමේ හැකියාවක් ඇතැයි පවසන ඔහු වරායේ නැගෙනහිර පර්යන්තයටම ආයෝජන ගෙන ඒමට සැරසීම සම්බන්ධව තම පක්ෂය විමතියට පත්ව ඇති බව ද පවසයි.

ඒ අනුව වරායේ නැගෙනහිර පර්යන්තය විදේශීය අයෝජකයෙකුට හෝ වෙනත් රටකට ලබාදීමට විරුද්ධව ගත හැකි සියලූ ක්‍රියාමාර්ග ගැනීමට තම පක්ෂය සූදානම් බව ද ඔහු අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *