රේගුව භාරයේ ඇති අත්‍යාවශ්‍ය භාණ්ඩ සහිත බහාලුම් කඩිනමින් නිදහස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිලධාරීන් වෙත උපදෙස් දෙයි.
ඒ, ඊයේ (07) දහවල් ජනාධිපති කාර්යාලයේ දී පැවැති විශේෂ සාකච්ඡාවක දී ය.
නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ වෙළෙඳපොළෙහි හිඟයකින් තොරව පවත්වා ගෙන යාම ඉලක්ක කර ගනිමින් ජනාධිපතිවරයා මෙම තීරණයට එළැඹ ඇති බවය.
මේ අතර ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව පවත්වාගෙන යාමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට ද එහි දී ජනාධිපතිවරයා කටයුතු කළේය.
එළඹෙන උත්සව සමයේ දී ජනතාවට හිඟයකින් තොරව ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව සැලසිය යුතු බව අවධාරණය කළ ජනාධිපතිවරයා ඒ සඳහා දැන් සිට ම සැලසුම් සකස් කරන ලෙස මෙහිදී නිලධාරින්ට දැනුම් දී තිබේ.
තෝරාගත් අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනයට අවස්ථාව ලබා දෙන ලෙසත් එහිදී කූඨ අරමුණු සහිතව ප්‍රමාණය ඉක්මවා භාණ්ඩ ආනයනය කිරීමට සහ තොග සැඟවීමට ඉඩ නොතැබිය යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.
ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් කඩිනමින් සකස් කරන ලෙස දැනුම් දුන් ජනාධිපතිවරයා මේ පිළිබඳ නියාමනය සහ අධීක්ෂණය නව කමිටුවට පවරා තිබේ.