අධික වර්ෂාව නිසා වගා හානී වූ වී, බඩඉ රිඟු, ලොකු ලූනු, අර්තපල්, සෝයා සහ මිරිස් සඳහා වන්දි හිමි වන බව කෘෂි කර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි.
ඒ භෝග සඳහා පමණක් නොව හානියට පත් අනෙකුත් භෝග සඳහා ද වන්දි හිමි විය යුතුය යන ස්ථාවරයේ තමන් සිටින බවයි, නියෝජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේ.
භාණ්ඩාගාරයේ ඇති මුදල් ප්‍රමාණය ද සලකා කැබිනට් මණ්ඩලයට ඉල්ලීමක් කිරීමට තමන් සූදානම් බව ද ඔහු සඳහන් කරයි.
අධික වර්ෂාව නිසා හානියට පත් වගා බීම් සඳහා වන්දි ලබා දීම සම්බන්ධයෙන් අද (28) මාධ්‍ය වෙත අදහස් දක්වමින් නාමල් කරුණාරත්න මේ බව කීය.