වර්ජනය අතහැරියත් උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කරන්නේ නෑ…! – FUTA….

April 12, 2023 at 6:51 pm | by emanisa.lk

සිය ඉල්ලීම් සම්බන්ධයෙන් සෑහීමකට පත්විය හැකි තීින්දුවකට එළඹෙන තෙක් උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නැතැයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.

මේ අතර විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය සමග පසුගිය මාස එකහමාරක කාලය තුළ සාකච්ඡා වට කීපයක් පවත්වා එම සංගමය විසින් ඉදිරිපත් කරන ලද ගැටලු කීපයකට විසඳුම් ලබා දී ඇති බවයි, අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.ෙ

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම ආරම්භ කිරීමට මේ වන විට විභාග දෙපාර්තමේන්තුව සූදානම් බැවින් උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම කඩිනමින් ආරම්භ කිරීමට ද මැදිහත් වන මෙන් විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයෙන් ඉල්ලා සිටින බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

කෙසේ වුව ද මේ වන විට විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතුවලින් බැහැරව සිදුකළ වර්ජනය තාවකාලිකව අතහැර දැමීමට විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය තීන්දු කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *