එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට එම පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් පත් කිරීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ අවධානය යොමු වී තිබේ.
ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා නම් කිහිපයක් යෝජනා වී ඇති අතර තරුණ නායකයෙකු ඒ සඳහා පත්කිරීම සුදුසු බව පක්ෂ නායකත්වයේ අදහස වී ඇත.
එක්සත් ජාතික පක්ෂයට හිමි පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ලබා ගැනීමට තමන් සූදානම් නොමැති බව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මීට පෙර ප්‍රකාශ කළ අතර එජාප ජාතික ලැයිස්තුවේ මුලින් ම නම හිමි තමන්ට එය හිමි විය යුතු බව ජෝන් අමරතුංග සඳහන් කළේය. නො එසේ නම් තමා දේශපාලනයට සමු දෙන බව ද ඔහු පවසා තිබිණි.
කෙසේ වෙතත් මේ පිළිබඳ අවසන් තීරණයක් ගැනීම සඳහා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් අද සිරිකොත පක්ෂ මූලස්ථානයේදී රැස්වීමට නියමිතව තිබිණි.