වඳින්න ගිය දේවාලේ වාසුගේ හිස මත! ජනතා හූ හඬ මැද ආපසු යයි!

December 17, 2020 at 1:34 pm | by emanisa.lk

ඇහැළියගොඩ තරාපිටිය ප්‍රදේශයේ ජල ව්‍යාපෘතියකට මුල්ගල තැබීමට පැමිණි අමාත්‍ය වාසුදේව නානායක්කාරට අද (17) එම ප්‍රදේශවාසීන්ගේ විරෝධය එල්ල විය.

ප්‍රදේශවාසීන්ගෙන් එල්ල වූ විරෝධය හමුවේ එහි පැමිණි අමාත්‍යවරයා එම ස්ථානයෙන් පිටව ගියේය.

ඔවුන් පවසන්නේ මෙම ව්‍යාපෘතිය ආරම්භ කළහොත් තමන්ට ජල ගැටලුවලට මුහුණදීමට සිදුවිය හැකි බවය. මෙම ජල ව්‍යාපෘතිය මගින් ඇහැළියගොඩ නගරයට ජලය ගෙන යාමට උත්සාහ කරන බවත් එවිට තමන්ගේ ළිංවල ජලය සිඳී යනු ඇති බවත් ජනතාව පෙන්වා දෙති.

මෙයට පෙර අදාළ ඉඩමේ පතල් කැනීම නිසා ද සිය ගමේ ළිංවල උල්පත් සිඳී ගිය බව ඔවුහු පෙන්වා දෙති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *