රට පුරා මහා වන සංහාරයක්..? පින්තූර පුවත් බුකිය අවුළයි…! ඇත්ත නැත්ත මෙන්න….!

March 18, 2021 at 11:08 am | by emanisa.lk

රට පුරා ඉතා දැවැන්ත වනාන්තර විනාශයක් සිදුවන බවට ව්‍යාජ මතයක් සමාජගත කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක බව සමාජ මාධ්‍ය විශ්ලේෂක කණ්ඩායම් පෙන්වා දෙයි.

විවිධ රටවල විවිධ කාලවකවානුවල සිදු වූ වන සංහාරයන්ට අදාළ ඡායාරූප අන්තර්ජාලයෙන් ලබා ගෙන ඒවා ශ්‍රී ලංංකාවේ විවිධ රක්ෂිත වනාන්තරවල මේ අවස්ථාවේ සිදුවන වන සංහාරයන් ලෙස හුවා දක්වමින් ප්‍රචාරය කිරීම මෙහි දී බහුල ලෙස සිදුවෙයි.

ඒ සඳහා විපක්ෂ දේශපාලන කණ්ඩායම් සිය ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය පිටු භාවිත කරන ආකාරය දැකගත හැකි ය.

මෙම ඡායාරූප පරික්ෂා කිරීමේ දී තහවුරු වන්නේ ඒවා ශ්‍රී ලංකාව සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති විදෙස් රටවලට අදාළ ඒවා බව ය.

මෙවැනි අසත්‍ය ප්‍රචාර නිසා සැබෑ පරිසර සහ වන සංහාරයන් සඳහා පවා ජනතාව ඒකරාශී වීම අධෛර්යවත් කරන බව එම විශ්ලේෂකයෝ වැඩි දුරටත් පෙන්වා දෙති.

පහත දැක්වෙන්නේ එවැනි ඡායාරූප කිහිපයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස