වත්මන් අර්බුදය කොවිඩ් නිසා කියන්නේ තනිකර බොරුවක්..! – ගම්මන්පිල..

February 6, 2022 at 6:30 am | by emanisa.lk

වත්මන් ආර්ථික අර්බුදයට හේතුව කොවිඩ් වසංගතය යැයි ආණ්ඩුවේ බොහෝ අය පවසන කතාව බොරුවක් බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල අවධාරණය කරයි.

“ශ්‍රී ලංකාව ඉතිහාසයේ නොවූ විරූ අර්බුදයකට මුහුණ පාලා තියෙනවා. බොහෝ අය මේ අර්බුදය හඳූනාගෙන නෑ. අර්බුදය නොදැන අර්බුදයට උත්තර හොයන්නත් බෑ. බොහෝ දෙනා පවසන්නේ මෙය කොවිඩ් වසංගතය නිසා ඇතිවෙච්ච අර්බුදයක් බවයි. ගෝලීය අර්බුදයක් බවයි.

ඒක බොරුවක්. මේ අර්බුදය ඇතිවෙලා තියෙන්නෙ ශ්‍රී ලංකාව පදනමකින් තොරව ඉවක් බවක් නැතිව ණය ගත්ත නිසා. ණය අර්බුදයක්. අපි ඉතිහාසය පුරාම ණයට අරන් වියදම් කරපු ජාතියක්. උපයලා වියදම් කරනවා වෙනුවට ණයට අරන් වියදම් කිරීමේ සංස්කෘතිය අපි 1950 දශකයේ ඉඳන්ම පවත්වාගෙන ආවා, අද එය තවදුරටත් ණය ගත නොහැකි මට්ටමකට මේ ණය උගුලේ අපි සිරවෙලා ඉන්නවා.

ඒ නිසා සමස්ත ජාතියම එකට ගැටගැහිලා මේ අර්බුදයෙන් ගොඩයන්න නම් සිරිලක දේ සිරිසැප දේ කියලා වැඩිවැඩියෙන් වවන්න, වැඩිවැඩියෙන් හදන්න පෙළඹෙන්න ඕනෙ. ඒ සඳහා අවශ්‍ය ආදර්ශය කතාවෙන් නෙවෙයි ක්‍රියාවෙන් දේශපාලන නායකයින් විසින් සැපයිය යුතුයි”

අමාත්‍ය උදය ගම්මන්පිල මේ බව පැවසුවේ ගුවන්විදුලි නාලිකාවක් සමග පැවැති සාකච්ඡාවකදී ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස