වක්‍ර බදු වැඩි කරලා අපේ බදු අඩු කළාට කමක් නෑ කියලා IMF කීවා..! – GMOA…

March 27, 2023 at 5:47 pm | by emanisa.lk

බදු සංශෝධන සම්බන්ධයෙන් වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාකච්ඡාවක් පවත්වා තිබේ.

සමස්ත බදු ආදායමට හානියක් නොවන ලෙස ඕනෑම ආකාරයක බදු සංශෝධනයක් රට තුළ කිරීමට හැකි බව එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පැවසවේ යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් සංජීව සඳහන් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිලධාරින් සමග සූම් තාක්ෂණය ඔස්සේ මෙම සාකච්ඡාව පැවැත් වූ බවයි.

රට තුළ ක්‍රියාත්මක වන බදු ප්‍රතිපත්තියේ කරන නිශ්චිත වෙනස්කම් සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම පවතින්නේ ශ්‍රී ලංකා ආණ්ඩුවට බව ද මූල්‍ය අරමුදල පැවසූ බවත් ඔහු සඳහන් කළේය.

තම එකමුතු විසින් රජයට බදු සහන සම්බන්ධයෙන් යෝජනා රැසක් ඉදිරිපත් කර ඇති බවත් එම යෝජනා මාලාව සමඟ ඉදිරියට යාමේ ගැටලුවක් නොමැති බවත් මෙහිදී සාකච්ඡා වූ බවත් හෙතෙම පැවසීය.

ආණ්ඩුව තව දුරටත් මේ ආකාරයෙන් විසඳුමක් ලබා දීමට මැදිහත් නොවන්නේ නම් ඕනෑම මොහොතක දැඩි වෘත්තීය ක්‍රියා මාර්ග ගැනීමට යොමුවන බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *