ලෝකයම ආර්ථික අවපාතයක…! රටවල් 25%ක් මූල්‍ය අර්බුදයට..! ඇමරිකාව චීනය සහ යුරෝපයත් අවධානමේ..! – IMF ප්‍රධානී…

January 3, 2023 at 8:56 am | by emanisa.lk

මේ වසරේ ගෝලීය ආර්ථිකයෙන් තුනෙන් එකක් අවපාතයකට ලක් වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ප්‍රධානී ක්‍රිස්ටලිනා ජෝර්ජිවා අනතුරු අඟවයි.

එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ චීන ආර්ථිකයන් මෙම වසරේ දී මන්දගාමී වනු ඇති බවත් 2023 වසර පසුගිය වසරට වඩා අසීරු වනු ඇති බවත් ඇය පුරෝකථනය කරයි.

යුක්‍රේන යුද්ධය, ඉහළ යන මිල ගණන්, ඉහළ පොලී අනුපාත සහ චීනයේ කොවිඩ් ව්‍යාප්තිය ආදිය ඍජුවම ගෝලීය ආර්ථිකයට බරක් වීම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු වන ඇති බවයි ඇය සඳහන් කරන්නේ.

ඒ අතර ශ්‍රී ලංකාව ඇතුළු ණය අර්බුදයට මුහුණදෙන රටවලට විසඳුමක් ගෙන ඒම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැඩි පරිශ්‍රමයකින් කටයුතු කරන බව ක්‍රිස්ටලිනා ජෝජියේවා සඳහන් කරයි.

“මේ වනතුරු අඩුආදායම්ලාභී රටවල් මුහුණදෙන ණය අර්බුදය ගෝලීය අර්බුදයක් නිර්මාණය කිරීමට තරම් කැපී පෙනෙන මට්ටමට පැමිණ නැහැ. ඒ රටවල් මොනවාද යන්න විමසා බැලුවොත් චැඩ්, ඉතියෝපියාව, සැම්බියාව, ඝානාව, ලෙබනනය, සුරිනාම් සහ ශ්‍රී ලංකාව මෙලෙස දැඩි ණය අර්බුදයකට මුහුණ දෙනවා. එම රටවල ජනතාවට අපට කිවහැක්කේ, අප ඒ සඳහා විසඳුම් සොයන බවයි.

කෙසේ නමුත් එය ගෝලීයව පැතිරීමේ තත්ත්වයක් දැනට දක්නට නැහැ. එහෙත් සංවර්ධනය වෙමින් පවතින රටවලින් 25%ක් පමණ මෙලෙස ණය අර්බුද කරා යොමුවන බවයි පෙනෙන්නේ. මේ විදියට මෙම රටවල් ලැයිස්තුව වර්ධනය වුවහොත් එය ගෝලීය අර්බුදයක් බවට පත්වීමේ අවදානමක් පවතිනවා. ඒ නිසයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය අර්බුදයට විසඳුමක් ගෙන ඒම සඳහා දැඩි පරිශ්‍රමයකින් කටයුතු කරන්නේ.

ඒ සඳහා අපි පැරිස් සමාජය වැනි සාම්ප්‍රදායික ණයහිමියන් වගේම චීනය, ඉන්දියාව, සෞදි අරාබිය වැනි සාම්ප්‍රදායික නොවන ණය හිමියන් සමග ද කටයුතු කරනවා. ඔවුන්ට අපේ පණිවුඩය සරලයි. ඒ ඊට හැකි ඉක්මනින් විසඳුමක් ලබාදිය යුතු බවයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *