හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ පෞද්ගලික ලේකම් සංජීව බස්නායක (49) වෙඩි තබා ගෙන සිය දිවි නසාගෙන ඇතැයි වාර්තා වෙයි.
ඒ මහනුවර – කටුගස්තොට ලොහාන් රත්වත්තේ මහතාට අයත් නිවසකය. ඔහුගේ සිරුරේ වෙඩි සලකුණු ඇති බවත් එ් අසල තිබී ගිනි අවියක් ද සොයාගත් බව පොලීසිය පවසයි.
ඒ අනුව මෙම ඝාතනයක් ද නැතිනම් වෙඩිතබාගෙන සියදිවි නසාගැනීමක්ද යන්න තවමත් අනාවරණය වී නොමැති බව පොලීසිය වැඩි දුරටත් පවසයි.