ලොව විශිෂ්ටතම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ශ්‍රී ලංකාවේ මුරලි! සුප්‍රකට විස්ඩම් සඟරාව ලෝකයටම කියයි!

June 28, 2020 at 2:05 pm | by emanisa.lk

ශ්‍රී ලංකාවේ සුපිරි දඟ පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් 21 වන සියවසේ බිහි වූ විශිෂ්ටතම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ලෝක ප්‍රකට විස්ඩම් සඟරාව මගින් නම් කර තිබේ.

ලොව වැඩිම ටෙස්ට් කඩුලු ලාභියා වන මුරලිදරන් සිය ක්‍රිකට් ජීවිතයේ දී ටෙස්ට් තරඟ 133කදී කඩුලු 800ක් දවා ගත්තේය.

21 වෙනි සියවසේ පළමු දශක දෙකෙහි ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දත්ත එකතු කළ විස්ඩම් සඟරාව පවසන්නේ මේ කාලය තුළ ක්‍රිකට් ක්‍රීඩාවට විශාලතම බලපෑම එල්ල කළ ක්‍රීඩකයා මුරලිදරන් බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස