ලොවපුරා ඒඩ්ස් ආසාදිතයින්ට සුබ ආරංචියක්…! දෙවන ඒඩ්ස් රෝගියාටත් සුවපත් වෙයි…!

March 12, 2021 at 2:03 pm | by emanisa.lk

HIV ඒඩ්ස් වෛරසය ආසාදනය වී සිටි පුද්ගලයෙකු ස්වාභාවිකව වෛරසයෙන් සුවය ලැබිමේ සිද්ධියක් ආර්ජන්ටිනාවෙන් වාර්තා වෙයි.

මෙලෙස සුවය ලබා ඇත්තේ පුරා වසර 08ක කාලයක් පුරාවට HIV වෛරසය ආසාදනය වී සිටි වයස අවුරුදු තිස්ගණනක පසුවන කාන්තාවක් බව ආර්ජන්ටිනාවේ සෞඛ්‍ය බලධාරීහු පවසති.

ආර්ජන්ටිනාවේ, එස්පෙරෙන්සා නගරයේ ජිවත්වන එම කාන්තාවට දැන් නීරෝගී බව විද්‍යාඥයෝ පවසති.

HIV වෛරසය සම්බන්ධ විශේෂඥයින් පිරිසකගේ රැස්වීමකදී මෙම විශේෂ නිවේදනය හාර්වඩ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් විසින් ප්‍රකාශයට පත් කරනු ලැබීය.

HIV වෛරසය ආසාදනය වී ස්වාභාවිකව සුවය ලැබූ ලොව දෙවන පුද්ගලයා මෙම කාන්තාවයි.

HIV වෛරසය ආසාදනය වී සිට ස්වාභාවිකව සුවය ලද ලොව පළමු ආසාදිතයා පළමු වරට ඉකුත් අගෝස්තු මාසයේ අමෙරිකාවේ සැන් ෆ්‍රෑන්සිකෝ නුවරින් වාර්තා විය. ඒ 67 හැවිරිදි ලෝරින් විලේන්බර්ග් නම් කාන්තාවක.

මෙම සොයා ගැනීම මගින් ලොවපුරා සිටින HIV ඒඩ්ස් වෛරසය ආසාදිත මිලියන 38ක ජනතාවට සුභවාදී පණිවිඩයක් වනු ඇත.

“වෛරසය ආසාදනය වී සිට සොභාවිකව සුවය ලැබූ එක් රෝගියෙකු හමුවීම යහපත් වුවත් එවැනි අයුරින් සුවය ලැබූ ආසාදිතයින් දෙදෙනෙකු හමුවීම තුල විශාල බලාපොරොත්තුවක් ගැබ්වෙලා තිබෙනවා” යැයි වෛද්‍ය නටාලීයා ලොව්ෆර්  ප්‍රකාශ කරයි.

අපි විශ්වාස කරනවා වෛරසය ආසාදනය වී සුවය ලද තවත් පිරිස් සමාජයේ ඇති කියා. මෙය HIV වෛරසය සම්බන්ධයන් සිදුකරනු ලබන පර්යේෂණවල විශාල පිම්මක් බව ඇය වැඩිදුරටත් සඳහන් කළාාය.

HIV වෛරසය ආසාදිත කාන්තාවගේ පළමු ස්වාමිපුරුෂයා එම වෛරසය ආසාදනය වීමෙන් 2013 වර්ෂයේ දී ජිවිත්ක්ෂයට පත්ව තිබේ.

එහෙත් එම කාන්තාවගේ වත්මන් පෙම්වතා සහ අලුත උපන් බිළිඳා HIV ආසාදිතයින් නොවන බව වෛද්‍ය පර්යේෂණ මගින් සනාථ වී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *