ලොරේන්සෝ පුතා බේරා ගනී…! කොල්ලකරුවන් අත්අඩංගුවට…!

January 29, 2024 at 6:26 pm | by emanisa.lk

ලොරේන්සෝ පුතා 04 බහුදින යාත්‍රාව සීෂෙල්ස් නාවික හමුදාව විසින් මුදාගෙන ඇතැයි ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

එහිදී අදාළ ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් 06දෙනාම නිරුපද්‍රිතව බේරා ගෙන ඇති අතර මුහුදු කොල්ලකරුවන් තිදෙනෙක් ද සීෂෙල්ස් නාවික හමුදාව භාරයට ගෙන ඇති බවය.

අදාළ ධීවර යාත්‍රාව මේ වන විට සීෂෙල්ස්හි වික්ටෝරියා අගනුවර වෙත රැගෙන යමින් ඇති බවයි, නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළේය.

පසුගිය 12 වැනිදා සිය මංගල මුහුදු ගමනට එක්වූ “ලොරේන්සෝ පුතා 04” බහුදින යාත්‍රාව ධීවරයින් 6 දෙනා ද සමඟ සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් පැහැර ගත්තේ පසුගිය සෙනසුරාදාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *