දින 10ක් රට වසා තැබීම නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට රු. කෝටි 13ක පාඩුවක් සිදුව ඇතැයි වාර්තා වෙයි.
කොවිඩ් වසංගත තත්ත්වය සමඟ දුම්රිය මගීන් අඩු වීම නිසා දුම්රිය දෙපාර්තමේන්තුව මාසිකව රු. මිලියන 400ක පමණ පාඩුවක් ලබන බව ද සඳහන්ය.
සාමාන්‍ය දුම්රිය මාසික ආදායම රු. මිලියන 500ක් වුව ද එය මේ වන විට මිලියන 100 දක්වා පහත වැටී තිබේ.
ලක්ෂ තුනහමාරක් පමණ දෛනික ගමනාගමනයට දුම්රිය යොදා ගත්ත ද මේ වන විට එය 75, 000 දක්වා පහත වැටී ඇත.