ලුණු රටින් ගේන්න වුණේ කලින් ආණ්ඩුව තොග රැස් කරලා තියලා නොගිය නිසායි…! – ඇමති හඳුන්නෙත්ති…

February 3, 2025 at 4:57 pm | by emanisa.lk

රට වටකර මුහුද තිබුණත් ලුණු ප්‍රශ්නයක් මතුවීමට මූලික හේතුව පසුගිය සමයේ රට මුහුණ දුන් අයහපත් කාලගුණ තත්ත්වය පිළිබඳ සලකා කලින් පැවැති ආණ්ඩුව ලුණු නිෂ්පාදනය කොට තොග රැස්කොට නොතිබීම බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසයි.

එවැනි පෙර සූදානමක් නොතිබි නිසා කර්මාන්තවලට අවශ්‍ය යම් ලුණු ප්‍රමාණයක් ගෙන්වීමට සිදුව ඇති බවයි, ඇමතිවරයා සඳහන් කළේ.

මේ වන විට අලුතින් අලිමංකඩ සහ සෙසු ලුණු ලේවායන්හි නිෂ්පාදන කටයුතු ආරම්භ කර ඇති බවත් අනාගතයේ රටට ලුණු ආනයනය කරන තත්ත්වයක් ඇති වීමට ඉඩ නොතබන බවත් ඇමති හඳුන්නෙත්ති අවධාරණය කරයි.

ලුණු කිලෝව රු. 180ට ගියද එය තාවකාලික තත්ත්වයක් බවත් සහල් ප්‍රශ්නය මෙන් එය තව දුරටත් දි ඇදෙන අර්බුදයක් නොවන බවත් හෙතෙම වැඩි දුරටත් පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස