තෙල් ලීටර් 52000ක් එක්ක බවුසර් 4ක් හංගල…! හොරුත් එක්ක ම බඩු අල්ලයි..!

April 14, 2022 at 6:52 pm | by emanisa.lk

පමුණුගම බොපිටිය ප්‍රදේශයේ සේවා ස්ථානයක සඟවා තිබූ ලිටර් 13000  ධාරිතාවකින් යුත් ඉන්ධන බවුසර හතරක්  පමුණුගම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්ලුව පවසයි.

ලීටර් 26000 ක  ප්‍රමාණයකින් යුත් ඩීසල් බවුසර්  දෙකක් , ලිටර් 13000 යුත්  පෙට්‍රල් බවුසරයක් මෙන්ම ලිටර් 13000 භූමි තෙල් බවුසරයක් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

ඉන්ධන බවුසර හතරක් සේවා ස්ථානයක් තුළ සඟවා ඇති බවට ලද තොරතුරක් අනුව පමුණුගම පොලිසියේ නිලධාරින් විසින්  වැටලීම සිදුකර ඇත.

ඉන්ධන තොගය සම්බන්ධයෙන් හෙට 13  වැලිසර අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමට නියමිත බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් පැවැසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *