ලාෆ්ස් සහ ලිට්රෝ ගෑස් මිල ගණන් සමාන වන පරිදි මිල සූත්‍රයක් හඳුන්වා දීමට පියවර ගන්නා බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, වෙළෙඳපොළේ ලිට්රෝ ගෑස් මිලට සාපේක්ෂව ලාෆ්ස් ගෑස් මිල ගණන් ඉහළ අගයක පවතින බවයි.
මෙම තත්ත්වය සම්බන්ධයෙන් ලාෆ්ස් ගෑස් සමාගම සමඟ සාකච්ඡා කර ඇති බවත් ඉදිරි සතිය තුළ මිල සංශෝධනය පිළිබඳ එකඟතාවක් ලබාදීමට එම සමාගම පොරොන්දු වී තිබෙන බවත් අමාත්‍යවරයා අවධාරණය කරයි.
ඒ අනුව ඉදිරියේදී ලාෆ්ස් ගෑස් සඳහා ද මිල සූත්‍රය හඳුන්වා දීමට බලාපොරොත්තු වන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු සඳහන් කර ඇත.