ලිට්රෝ ගෑස් සමාගමේ ලාභයෙන් රුපියල් බිලියන 1.5 ක් හෙවත් රුපියල් කෝටි 150 ක් මහා භාණ්ඩාගාරයට පිරිනමන බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් පවසයි.
ගෑස් මිල අඩු කරමින් ජනතාවට සහන දෙන අතරතුර ලැබූ සුළු ලාභයෙන් කොටසක් එම ලාභයේ නියම අයිකරු වන රජයට එම සමාගමේ මව් සමාගම වන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හරහා යොමු කරන බවත් මෙම මුදල් රජය පාවිච්චි කිරීමෙන් අවසන් ප්‍රතිඵලය ලෙස ජනතාවට සහන ලැබෙනු ඇතැයි විශ්වාස කරන බවත් හෙතෙම කීය.
ආර්ථික ගොඩනැගීමට රජය දරන උත්සහයට සහයෝගයක් ලෙස මෙම දැවැන්ත මුදල ප්රදානය කරන බව කී මුදිත පීරිස්, රජය මෙම මුදලින් අස්වැසුමට ව්‍යාපෘතියට හෝ රජයේ සේවක වැටුප් ගෙවීමට හෝ ඕනෑම දෙයකට පාවිච්චි කළ ද එම මුදලින් එහි සැබෑ අයිතිකරුවන් වන ජනතාවට නැවත ලැබෙනු ඇති බවත් ප්‍රකාශ කළේය.
ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් කොළඹ පිහිටි එම සමාගමේ මූලස්ථානයේදී අද (20) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව පැවසීය.