ලිට්‍රෝ ගෑස් මිල ඉහළට…!

February 5, 2023 at 11:58 am | by emanisa.lk

මිල සූත්‍රයට අනුව ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය කර ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

එම සමාගම සඳහන් කළේ, අද (පෙබ. 5) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල ඉහළ යනු ඇති බව ය.

ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 334කින් ද, කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක් රුපියල් 134කින් ද, කිලෝග්‍රෑම් 2.3ක මිල රුපියල් 61කින් ද ඉහළ දමා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *