ලාෆ් ගෑස් මිල රු. 500කින් පහළට…! ලිට්‍රෝ තවමත් රු. 1000ක් අඩුයි..!

October 11, 2022 at 7:51 pm | by emanisa.lk

ලාෆ් ගෑස් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල රුපියල් 500 කින් අඩු කළ බවත් නව මිල අද මාධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන බවත් ලාෆ් ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් අද (11) පස්වරුවේ පැවසීය.

ඒ අනුව ලාෆ් ගෑස් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල රුපියල් 5,300 ක් දක්වා පහත යනු ඇත.

ලාෆ් ගෑස් කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයක මිල රුපියල් 200 කින් අඩු කිරීමත් සමඟ එම සිලින්ඩරය රුපියල් 2,120 ක් බවට පත්විය.

කෙසේ වුව ද ලිට්‍රො ගෑස් මිල පිළිවෙළින් රු. 4280ක සහ රු. 1720ක මිලක පවතී. මේ අනුව සාපේක්ෂව ලිට්‍රෝ සිලින්ඩරයක් තවමත් රු. 1020ක් ලාභය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *