ලබන අවුරුද්දේ රට ස්වයංපෝෂිත කරනවා…! – අගමැති…

December 24, 2022 at 10:03 am | by emanisa.lk

ලබන වසරේ දී රට ආහාර නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිත කිරීම රජයේ ඉලක්කය බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි.

ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේ දී පැවැති දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සමුළුව අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

ජාතික ආහාර සුරක්ෂිතතා වැඩසටහනට සමගාමී ලෙස දිස්ත්‍රික් මට්ටමින් ආහාර නිෂ්පාදන වැඩපිළිවෙළ වේගවත් කරන ලෙස ද අග්‍රාමාත්‍යවරයා දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දුන්නේය.

මත්උවදුරෙන් දැයේ දරුවන් මෙන්ම වැඩිහිටියන් ද බේරා ගැනීම සැමගේ වගකීමක් බව ද අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මෙහි දී කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *