ලපයා මට හරක් හොරා කියනවා…! උඹේ ෆයිල් ගල් නොකර ඔප්පු කරපන්…! – විජිතමුණි සොයිසා…

October 23, 2022 at 4:40 pm | by emanisa.lk

දුප්පත් ජනතාවට බෙදීමට ගෙන ආ හරක් තමා ගත්තේ යැයි ලපයා චෝදනා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා පවසයි.

ඒ පිළිබඳ ෆයිල් තිබේ නම් ඒවා ගල් ෆයිල් නොක කයිවරු නොගසා ඕනෑ ම උසාවියකට යන ලෙස අනුර දිසානායක අභියෝග කරන බවයි, ඔහු අවධාරණය කළේ.

උසාවිය ඉදිරියට ගොස් තම නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට සූදානම් බව ද විජිතමුණි සොයිසා ප්‍රකාශ කළේය.

අනුර දිසානායක චන්ද්‍රිකා ආණ්ඩුවේ කෘෂිකර්ම ඇමැති ලෙස කොළඹ සිට කටවුට් ගසා රජයේ විශාල මුදලක් කාබාසිනියා කොට මහා උත්සවයක් පවත්වා කිරිකෑන් 04ක් බෙදු බවට ද ඔහු චෝදනා කළේය.

ඌව මහ ඇමැතිවරයා ලෙස තමන් ද ඒ උත්සවයට සහභාගී වී කිරි වීදුරුවක් පානය කොට ගෙදර ගිය බව ද විජයමුණි සොයිසා කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *