ලක්ෂ 60කින් කෝට්ටේ කුණු අදින්න පුළුවන්! දැන් ඒ වැඩේට ලක්ෂ 160ක් වෙන් කරලා! – කෝට්ටේ හිටපු නගරාධිපති…

December 15, 2020 at 8:34 am | by emanisa.lk

කෝට්ටේ නගර සභාවේ කසළ කලමනාකරණය මසකට රු. ලක්ෂ 60කට කළ හැකි බවත් ඒ සඳහා වර්තමාන පාලනාධිකාරිය ලක්ෂ 160ක් වෙන්කිරීම සැකකටයුතු බවත් කෝට්ටේ මහ නගර සභාවේ හිටපු නගරාධිපති ජනක පවසයි.

නගර සභාවේ කසළ ඇදීම සඳහා 2020/2021 අයවැයෙන් මිලියන 190ක් (ලක්ෂ 1900ක්) වෙන්කර ඇති බවත් එය මසකට රු. ලක්ෂ 160ක් බවත් හෙතෙම සඳහන් කරයි.

තමා මේ සම්බන්ධව වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ද ලිඛිතව දැනුම් දුන් බව ද හෙතෙම කීය.

රාජගිරියේ දී පැවැති මාධ්‍ය හමුවක දී හිටපු නගරාධිපතිවරයා මේ බව අනාවරණය කළේ ය. ඔහු පසුගියදා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වී ඔහුට සහාය ලබා දීමට එකඟ විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *