ලක්ෂ 15කගේ රස්සා රැකගන්න කබීර් පෙරට…!

May 8, 2024 at 6:41 pm | by emanisa.lk

බීඩි ප්‍රවාහනය සඳහා අවසර පත්‍ර ලබා ගැනීමට සිදුවීම නිසා, ලක්ෂ පහළොවකට පමණ රැකියා අහිමි වීමේ අවදානමක් පවතින බව සමගි ජන බලවේගය පවසයි.

එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හසීම් මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ මෙම ආණ්ඩුව අවංක නම් එය කෙසේ වත් සිදුනොකරණු ඇති බවයි.

ඒ අනුව ඔහු පවසා සිටියේ, ඔහුගේ දිස්ත්‍රික්කයේ විශාල සංඛ්‍යාවක් මෙම බීඩි කර්මාන්තයේ නියැලී සිටින බවත්, මෙම වැඩපිළිවෙළ ඍජු අල්ලස් හෝ කප්පන් ගැනීමේ ක්‍රමවේදයක් ද වන බවයි.

තවද සුළු හා කුඩා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ආරක්ෂා කිරීමට ආණ්ඩුවට අවශ්‍යතාවක් තිබුණේ නම් මෙවැනි කටයුතු කිසිසේත්ම සිදු නොකරන බවත්, ආණ්ඩුව ඉතා කුහක ආකාරයෙන් හැසිරීම ගැන පුදුම වන බවත් හෙතෙම සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *