ලංකා ඉතිහාසයේ ලොකු ම පාවා දීම කළේ ගෝඨාභය…! – ගම්මන්පිල…

March 23, 2024 at 7:48 pm | by emanisa.lk

ලංකා ඉතිහාසයේ ලොකුම පාවාදීම කළ නායකයා ගෝඨාභය රාජපක්ෂ බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසයි.

වසර 30ක් තිස්සේ තමන් දේශපාලනය කළේ රනිල් වික්‍රමසිංහට විරුද්ධව බවත් ගෝඨාභය ගෙන ආවේ ද රනිල්ට විරුද්ධව බවත් හෙතෙම පෙන්වා දෙයි.

69 ලක්ෂයක් ඡන්දයෙන් පත් කළ නායකයා අපේ හතුරු කඳවුරේ නායකයාට රටේ නායකත්වය ලබා දී ගෙදර යාම තරම් මහා පාවාදීමක් තවත් නැති බවයි, උදය ගම්මන්පිල අවධාරණය කළේ.

උත්තර ලංකා සභාගය ජන පෙළ ගැස්ම නමින් අද (23) පස්වරුවේ කොළඹ දී පැවැත් වූ ජන හමුවකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *