ලංකාව ලොව වැඩිපුරම පිටිකිරි බොන රටවල් පහ අතරට…!

July 21, 2023 at 1:25 pm | by emanisa.lk

ලෝකයේ වැඩිපුරම පිටිකිරි භාවිත කරන රටවල් පහෙන් එකක් බවට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.බී. පවසයි.

දියර කිරි සමග සාපේක්ෂව ගත් කළ පිටිකිරි භාවිතය පෝෂණය සම්බන්ධයෙන් යහපත් කාරණයක් නොවේ යැයි ද හෙතෙම සඳහන් කළේය.

දියර කිරි භාවිතය ප්‍රචලිත කිරීම අභියෝගයක්ව තිබෙන බව ද පශු සම්පත් කාර්යාල 337 ක් ලංකාවේ තිබෙන අතර “සැබ්” ආයතනයේ සහය ගෙන දියර කිරි අලෙවිය ප්‍රචලිත කිරීම සඳහා නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.

ලංකාවට අවශ්‍ය කරන කිරි ප්‍රමාණයෙන් මෙරටින් ලැබෙන්නේ සියයට හතළිහක් පමණක් බව ද සියයට 60ක්ම විදේශ රටවලින් ආනයනය කරන බව කී රාජ්‍ය අමාත්‍යවරයා, ලංකාවේ කිරි ගොවීන් සතු දෙනුන්ගේ පෝෂණ මට්ටම වැඩි කිරීමටත් නියමිත වෙලාවට සිංචන කටයුතු කිරීමටත් බලාපොරොත්තු වන බව ද පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *