2022 සහ 2023 වසර දෙක තුළ යුද හමුදාවේ 27,000ක් සේවය අතහැර ගොස් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසයි.
“දේශපාලඥයන් බරපතළ ලෙස අපයෝජනයට ලක් කළ ආයතනයක් තමයි පොලිසිය.
යුද හමුදාවේ දෙවැනියා දින හතළිහක් නැහැ. යුද හමුදා ඉතිහාසයේ පළමු වතාවට සිද්ධ වෙච්ච දෙයක්. එහෙම ප්‍රමාදයක් ඇති වුණේ ඇයිද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා හමුදාව ඇතුළේ ගැටලුවක් මතුවෙලා තියෙනවා.
මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතළ ගැටලුවක් තියෙනවා. අවිශ්වාසයක් මතුවෙලා. රටේ මාසයකට මනුෂ්‍ය ඝාතන 50ක් සිද්ධ වෙනවා. පැය දාහතරකට එක ඝාතනයක්. සමහර මාසවල ඝාතන හැට ගණන් සිද්ධවෙලා.”
අද (23) ආරක්ෂක සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශ වැය ශීර්ෂ පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේදී මන්ත්‍රීවරයා මේ බව පැවසීය.