ලංකාව තවත් යුක්‍රේනයක් කරන්න කලින් ආණ්ඩුව පරාජය කළ යුතුයි…! – මහාචාර්ය චරිත හේරත්…

August 30, 2023 at 9:40 am | by emanisa.lk

වැරදි විදේශ ප්‍රතිපත්ති හා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා කළමනාකරණය තුළ අනාගතයේ දී දකුණු ආසියාවේ යුක්‍රේනය බවට ශ්‍රී ලංකාව පත්වන දිනය වැඩි ඈතක නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් පවසයි.

“මේ ආණ්ඩුව සහ ජනාධිපතිවරයා හිතුමතේ ලංකාව ඉන්දියානුකරණයකට ලෑස්ති වෙනව ස්වාධීන රටක් ලෙස නොකලයුතු විදිහට. ඉන්දියාව කියන්නේ අපේ ඓතිහාසික මිතුරෙක්, ඒ ගැන කිසිම ප්‍රශ්නයක් නෑ. ඒ හිතවත්කම් සහ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිළිබඳ අපිට කිසි ප්‍රශ්නයක් නෑ.

මේ අක්‍රමවත් සිද්ධීන් සම්බන්ධව කාදිනල්තුමා කතා කරලා තිබ්බා. එතුමන්ට අපි ස්තුතිවන්ත වෙනවා. ලංකාවයි ඉන්දියාවයි එකතු කරල පාලමක් හදන්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා උත්සාහ කරනවා. මේක කරන්න පුළුවන් දෙයක්ද අපි දිවයිනක්.

මේ පිළිබඳව අපේ ව්‍යවස්ථාව තුළත් පැහැදිලි කිරීමක් දක්නට ලැබෙනවා අපේ භූමිය පිළිබඳව සඳහන් කරලා තියෙනවා. අපේ දිවයිනේ ගොඩබිම සීමා ජල සීමා අපේ ව්‍යවස්ථාවේ සඳහන් වෙලා තියෙනවා .කච්චතිව් දූපත පිළිබඳ සාකච්ඡාවේ දී ඒ පිළිබඳව පුළුල්ව සාකච්ඡා වුණා .

මම ඉල්ලනවා අපේ ව්‍යවස්ථා විශාරදයින්ගෙන් නීති විශාරදයින්ගේන් ඔබතුමාලා මේ පිළිබඳව අවධානය යොමු කරන්න. මෙහෙම දෙයක් හිතු මතේට ජනාධිපතිවරයාට කරන්න පුළුවන්ද?
රජයට කරන්න පුළුවන්ද? කරුණකරලා විශේෂඥයින් මේකට මැදිහත් වෙන්න ඕනේ මේක බරපතළ තත්ත්වයක් රට සහ රටේ අනාගතය සම්බන්ධව.

ඉන්දියාව අපගේ ඓතිහාසික මිතුරෙක් එසේ වුවද , මේ රජය ජනාධිපතිවරයා ඉන්දියානු සම්බන්ධය කළමනාකරණය කරන ආකාරය ඉතා ම ප්‍රශ්නකාරී ස්වරූපයක් ගන්නවා. රටේ ස්වාධීනත්වයට බලපෑම් එල්ල විය හැකි එල්ල විය හැකි ආකාරය තීන්දුවලට යොමු වෙන්නට කටයුතු කරන්න පුළුවන් ද?

මේක ජනතාව තේරුම් ගත යුතු බරපතළ තත්ත්වයක්. මේ රජයට ආර්ථික වැඩපිළිවෙළක් නැහැ. රනිල්ගේ තියෙන ආර්ථික වැඩපිළිවෙළ දැන් කල් ඉකුත් වූවක්. 2002 හා 2015 දීමේ වැඩපිළිවෙළ ඔහු ඉදිරිපත් කරල පරාජයට පත්වෙලා අසමත් වූවක්.

ඒ නිසා රටට නව දේශපාලන සහ ආර්ථික වැඩපිළිවෙළක් අවශ්‍යයි. අපි ඒක මේ වන විට සමාජගත කරලා තියෙනවා. එම වැඩපිළිවෙළ සම්බන්ධව අපි විපක්ෂයේ සියලු පක්ෂ සමග සාකච්ඡා කර පොදු වේදිකාවක් තනා මේ රජය පරාජය කිරීමට අවශ්‍ය සියලු වැඩකටයුතු සූදානම් කරනවා ඒක අපේ වගකීම.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *