ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ 8000 සීමාව අද ඉක්මවා ගියේ ය.
ඒ අද (26) දින තවත් කොවිඩ් මරණ 209ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කිරීමත් සමඟය.
එය ලංකාවේ මෙතෙක් වාර්තා වූ දෛනික වැඩි ම කොවිඩ් මරණ ප්‍රමාණයයි.
ඒ අතර කාන්තාවන් 101ක් සහ පිරිමි 108ක් වෙති. අවු. 60ට වැඩි මරණ 163ක් සහ 30-59 වයස් කාණ්ඩයේ 46ක් ඒ අතර වෙති.
ඒ සමඟ ලංකාවේ සමස්ත කොවිඩ් මරණ 8157ක් බවට පත්ව තිබේ.