ලංකාව ඉන්දියාවේ කොටසක් කිව්වේ ඉතිහාසය හදාරලා…! ඒකට ගවයෙක් කෑ ගහන්නේ කුහකකමට..! – හරීන්…

February 21, 2024 at 4:42 pm | by emanisa.lk

ලංකා ඉතිහාසයේ වැඩිම සංචාරක පිරිසක් ඉන්දියාවෙන් එන මොහොතකදී ඉන්දියාව සමග ඉතිහාසයේ තිබෙන සම්බන්ධතා සමඟ බලා මතයක් ඉදිරිපත් කරන විට ඒවා පට්ට ගහන්නට හදන අමු ගවයෙක් පාර්ලිමේන්තුවේ සිටින බව සංචාරක ඉඩම් සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

ඒ සම්බන්ධයෙන් කනගාටු වෙන බව කී අමාත්‍යවරයා ඔහු මහතීර් මොහොමඩ්ලා, ලීක්වාන් යූ ලා ගෙනැවිත් ලංකාව වට්ටපු වැටිල්ල ගැන හොඳට මතක බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

“එතුමා තුංමුල්ලට ගිහිල්ලා ලෙමන් පෆ් කා එකපාරට පණ ඇවිල්ලා ඇවිදගෙන ආපු හැටි අපට හොඳට මතකයි.

තුංමුල්ලේ දී පොලිසියේ නිලධාරීන්ගේ ඩී.අයි ජී.ලාගේ තොප්පි ගලවපු හැටි අපට හොඳට මතකයි. මේ කරන්නේ කුහක කමක්.

ඉන්දියාවෙන් වැඩිම සංචාරකයින් එන වෙලාවේ මා දඩමීමා කරගෙන දේශපාලන වශයෙන් වාසියක් ගන්න කරන මහා පහත් ක්‍රියාවක් හැටියට මෙය අප දකිනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *