ලංකාවේ දැනට ක්‍රියාත්මක වෘත්තිය සමිති අවශ්‍ය නැත යන්න සිය පෞද්ගලික මතය යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි කෝකිලා ගුණවර්ධන සඳහන් කරයි.
ඈ මේ බව කියා සිටියේ තෙල් සේවක වැඩ වර්ජනය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.
ලංකාවේ වෘත්තීය සමිති තම අයිතිවාසිකම් මිස රටේ ජනතා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්නේ දැයි ප්‍රශ්නයක් ඇතැයි ද ඇය පැවසුවාය.
එවන් අවස්ථාවල පක්ෂයක් ලෙස ගත යුතු තීන්දු ගත යුතුව ඇතැයි ද ඇය පෙන්වා දෙයි.