හැමදාම රටේ කැලෑ වැඩි පුරම විනාශ කරන්නේ ව්‍යාපාරිකයින් බව රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක පවසයි.
පරිසරය රකිමු කියා බෝඩ් උස්සා ගෙන සිටින්නේ ද එම ව්‍යාපාරිකයින් ම බව ඇමැතිවරයා කියයි.
පරිසර සංරක්ෂණයට කිසිදු දායකත්වයක් නොදක්වන ලක්ෂ ගණනක් අද පරිසර සංරක්ෂණය ෆේස්බුක් එකේ හප හප විකුණන කුණු රස මාතෘකාවක් බවට පත්කර ගෙන ඇතැයි ද ඔහු පෙන්වා දෙයි.
විපක්ෂය අර්ථ නිරූපණය කරන ආකාරයට නම් මේ රටේ වැඩි ම කැලෑ ප්‍රමාණයක් කපා ඇත්තේ ඩී.එස්. සේනානායක සහ ගාමිණී දිසානායක බව ද හෙතෙම අවධාරණය කරයි.
එහෙත් මේ අර්ථ නිරූපණ ව්‍යාජ තක්කඩි වැඩ යැයි ද ඒවා කියන උන්ගේ කටවල චීන හොරි දැමිය යුතු බවත් ඇමැති විමලවීර වැඩි දුරටත් පවසයි.
ජාත්‍යන්තර වනාන්තර දින වැඩසටහනට හම්බන්තොට දී එකතු වෙමින් ඔහු මෙසේ පැවසී ය.