ලංකාවේ රැකියා පුරප්පාඩු ලක්ෂ 04ක් තියෙනවා… රටේ රැකියා විරහිත අයට සුදුසුකම් නෑ… එක පාරට පිට රටින් ගේන්න කැමත්තකුත් නෑ..! – ඇමති සුනිල් හඳුන්නෙත්ති….

August 21, 2026 at 10:44 am | by emanisa.lk

ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රයේ රැකියා පුරප්පාඩු ලක්ෂ හතරක් පමණ සහ රැකියා විරහිත විශාල පිරිසක් සිටියත් ඔවුන්ට අදාළ පුරප්පාඩුඉ පිරවීම සඳහා අවශ්‍ය සුදුසුකම් නොමැති බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසයි.

“අපනයනය ක්ෂේත්‍රයට අවශ්‍යම ටෙක්නිකල් එක්ස්පර්ට්ස්ලා, අත්‍යාවශ්‍යම සේවාවන් සපයන අය හොයාගන්න නැහැ කියන ප්‍රශ්නය තියෙනවා. එතකොට අපිට බලන්න පුළුවන් ඒ වගේ අයට මොනවද කරන්නෙ කියලා. අපි එකපාර පිටරටින් ගේන්න කැමැත්තක් නැහැ. අපි ලංකාවේ අවශ්‍යතාව ඉස්සෙල්ලා සම්පූර්ණ කරගන්නම ඕනෙ.

දැන් ආයතන ගණනාවක් එක්ක සාකච්ඡා කරනවා අපේ වෘත්තීය පුහුණු අධිකාරිය, වෘත්තීය පුහුණු අමාත්‍යාංශය, විශ්වවිද්‍යාල ඔක්කොමත් එක්ක ඒ අපේ ඉන්ඩස්ට්‍රීස්වලට ඕනෙ අය හදලා දෙන්න කියලා. දැන් ඔය කන්දකාඩුවල පුනරුත්ථාපනය කරන අයටත් අපි කියලා තියෙන්නෙ ඕගොල්ලොන්ගෙ කෝසස් නෙවෙයි අපිට ඕනෙ කරන ඒවා හදලා දෙන්න කියලා.

කන්දකාඩුවල වුණත් ඇත්තටම මත්ද්‍රව්‍යවලට සම්බන්ධ වෙච්ච අය පුනරුත්ථාපනය කරලා ඒ අය කෙළින්ම සමාජයට යවනවා වෙනුවට රැකියාවකට අනුයුක්ත කරන්න පුළුවන් නම් අපිට ලොකු දෙයක් ඒක. ඒක ලොකු ප්‍රශ්නයක් නැතිනම්.

අපි හිතුවාට පිටරට ගිය කට්ටිය වේගෙන් ආයෙ එන්නෙ නැහැනෙ. අපට ඒක ලක්ෂ 4ක් දැන් අපේ ඉන්ඩස්ට්‍රීස්වල ජොබ් වේකන්සීස් තියෙනවා. හැබැයි රැකියා විරහිතයිනුත් ඉන්නවා. ප්‍රශ්නය තියෙන්නෙ මේ දෙක මැච් වෙන්නෙ නැහැ. ඉන්න රැකියා විරහිත අය ජොබ්වලට සුදුසු නැහැ. එතකොට මේක අපි පුහුණු කරලා ගන්න ඕනෙ.”

ඇමති සුනිල් හඳුන්නෙත්ති මේ බව පැවසුවේ පෙරේදා (19) 26 වන අපනයනකරුවන්ගේ ජාතික සංසදය අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස