ලංකාවේ බංකොලොත් ස්ටිකර් එක ළඟදිම ගලවනවා..! – මනූෂ

January 30, 2023 at 2:46 pm | by emanisa.lk

තව ටික කලකින් ලංකාවේ බංකොලොත් ස්ටිකරය ගැලවී යනු ඇතැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසයි.

ප්‍රශ්න ටිකක් තවමත් ඉතිරි වී තිබෙන අතර ඒ සියල්ල ම තව නොබෝ දිනකින් විසඳෙනු ඇතැයි ද හෙතෙම විශ්වාසය පළ කළේය.

එක්සත් ජාතික පක්ෂය හැමදාම වැඩ කළේ රටේත් ජනතාවගේත් අභිවෘද්ධිය වෙනුවෙන් බවත් එක්සත් ජාතික පක්ෂය රට පාලනය කරන සෑම අවස්ථාවකදීම රට ඉදිරියට ගිය අතර වෙනත් දේශපාලන කණ්ඩායම් විසින් ජාතිවාදය, ආගම්වාදය වපුරා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු පරාජය කළත් එජාපය සෑම විටම සිට ගත්තේ ජනතාව වෙනුවෙන් බවත් අමාත්‍යවරයා කීය.

ඇමැති මනූෂ නානායක්කාර මේ බව පැවසුවේ, කරන්දෙණිය සහ බලපිටිය ආසනවල එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩල රැස්වීම් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *