යාපනය ශික්ෂණ රෝහලේ දී පළමු වරට කළ ලිංගික සංක්‍රාන්ති සැත්කමක් සාර්ථක වී ඇති බව වාර්තා වේ.
සාර්ථක වීමත් සමග ම මෙතෙක් පිරිමියකු වශයෙන් සිටි පුද්ගලයකු කාන්තාවක බවට පත් වූ බව වාර්තා වේ.
ඒ අනුව මෙලෙස ලිංගික සංක්‍රාන්ති සැත්කමට මුහුණ දී ඇත්තේ මඩකලපුව ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙකි.
යාපනය ශීක්ෂණ රෝහලේ ශල්‍ය වෛද්‍ය විශේෂඥ ඉලන්චෙලියන් පල්ලවන් මෙම සැත්කම සිදුකර ඇති අතර සැත්කමට පැය 12 ක කාලයක් ගත වී ඇත.