ලංකාවේ ජනතාව පෝලිම්වල ඉන්නේ කෝපයෙන් පාලකයින්ගේ දෙමාපියන්ට බණිමින්..! කියුබාවේ ජනතාව පෝලිම්වල ඉන්නේ සතුටින් කස්ත්‍රෝගේ ගුණකඳ ගයමින්..!

March 10, 2022 at 2:15 pm | by emanisa.lk

කියුබාවේ පෝලිම් සහ ලංකාවේ පෝලිම් !

කියුබානු ජනතාව දුක් විදිමින් පෝලිම් වල ලතවෙන බව ලංකාවේ පෝලිම් යුගය අවසන්කල ආර්ථික ඔස්තාද්ලා පහුගිය කාලයේ කම්පා විය.!

කියුබාව කස්ත්‍රෝ ගේ විප්ලවය නිසා පෝලිම් යුගයට ඇද වැටුනේය.. !
ජේ ආර් ගේ ඕපන් ඉකොනොමි ආශ්චර්ය නිසා ලංකාව පෝලිම් යුගය අවසන් කොට ගොඩ ගියේය.. !
ඒ කාලේ පෝලිම් ගැන විග්‍රහය එහෙම ය.

ආර්ථිකය විවෘත කල නිසා වොෂිං මැෂින්.. ෆිජ් .. ටී වී .. තව බොහෝ දේ පහළ විය.. !

ඒ කාලේ පලිගු මැනිකේ ටෙලි නාට්‍ය යේ සූරසේන ලා පට් පට් ගා සල්ලි හොයාගෙන පට් පට් ගා වියදම් කලේය… !

දැන් ලංකාවේ ජනතාව ද පෝලිමේ ය.
කියුබාව වගේම ය.
නමුත් පැහැදිලි වෙනසක් ඇත්තේය. !

ලංකාවේ ජනතාව පෝලිමේ ඉන්නේ තමන්ම පත් කළ නායකයා ගේ අම්මා මතක් කරමින්ය. ඒ තමන් ගැසූ කතිරයට – තමන් ටම සාප කරගනිමින්ය . කියුබානු ජනතාව පෝලිමේ ඉන්නේ චේ ෆිදෙල් මතක් කරමින් ඔවුන් ගැන ආඩම්බරයෙන් ය. තමන් වෙනුවෙන් මෙන්ම ඇමරිකානු සම්බාධක වලට එරෙහිව ඔවුන් පෝලිමේ ඉන්නේ රට වෙනුවෙන් ය. !

ලංකාවේ ජනතාව පෝලිමේ ඉන්නේ පොරකමින්ය ..අඩමින්ය .. එකිනෙකා ට ආඩපාලි කියමින්ය.. පාවාදෙමින්ය්… මරාගනිමින්ය.

කියුබානු ජනතාව පෝලිමේ ඉන්නේ ආඩම්බරයෙන් සිනාසෙමින්ය… සතුටින් ය. !
විද්‍යාව.. අද්‍යාපන ය .. ක්‍රිඩාව .. අවසානයේ විප්ලවයේ ප්‍රතිඵල දකිමින් පෝලිම් අවසන් වනු දකිමින් ය.

කියුබානු පෝලිම සම්බාධක වල ප්‍රතිඵල නිසා මිස කියුබානු ජනතාව තෝරාගත් නායකයින් වැරදි නිසා නොවේය. !
ලංකාවේ පෝලිම සම්බාධක නිසා නොව ජනතාව තෝරාගත් නායකයින් හා ප්‍රතිපත්ති නිසා මය.!

අද කියුබානු පෝලිම් අවසන් වෙමින් තිබේ. පෝලිමේ සිටියත් ඔවුන් සතුටු සිනාවෙන්ය .
ලංකාවේ පෝලිම් ආරම්භ වෙමින් තිබේ..
සතුට වෙනුවට සතුට තිබූ මුහුණු වලින් ද
කදුළු වැගිරේ .. !

පෝලිම් වල වෙනස ජනතාව තේරුම් ගත් දා ..
ලංකාවේ ජනතාව දිනන දා ය.

සුනිල් හඳුන්නෙත්ති

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස