කොවිඩ් 19 ආසාදිත පුද්ගල මරණ භූමදාන කටයුතු ආරම්භ කරමින් අද මඩකලපුව ඔට්ටමඩාවි ප්‍රදේශයේ හඳුනාගත් ස්ථානයක කොවිඩ් 19 ආසාදිත පුද්ගල මරණ දෙකක් භූමදානය කළ බව යුද හමුදාපතිවරයා පවසයි.
මඩකලපුව ඔට්ටමඩාවි සහ අම්පාර ඉරක්කම් ප්‍රදේශවල කොවිඩ් මෘතදේහ භූමදානය සඳහා අවසර ලබාදුන් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා මෙයට පෙර සඳහන් කර තිබිණි.
කිලිනොච්චි ඉරණතිව් දූපත කොරෝනා මෘතදේහ භූමදානයට මුලින් ම නම් කළ ද ඒ සඳහා විවිධ පාර්ශ්වවල විරෝධය එල්ල විය.