ලංකාවේ ආර්ථික වර්ධන වේගය මේ වසරේ 3.5%ට වැටෙයි…. ඊළඟ වසරේ 3.1% දක්වා පහළට….! – ලෝක බැංකුව….

June 14, 2025 at 4:08 pm | by emanisa.lk

මේ වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 3.5%ට වැටෙනු ඇතැයි ලෝක බැංකුව ප්‍රකාශ කරයි.

ලෝක බැංකුව පෙන්වා දෙන්නේ එය 2026-27 වසරවල 3.1% දක්වා තව දුරටත් පහත වැටෙනු ඇති බවයි.

ආර්ථික අර්බුදය, ව්‍යුහාත්මක ගැටලු සහ ලෝක ආර්ථික තත්ත්වයන් ඊට බලපා ඇති බව ද ලෝක බැංකුව සඳහන් කරයි.

අසල්වැසි ඉන්දියාවේ ආර්ථිකය 2025-26 වර්ෂවල 6.3%ක ආර්ථික වර්ධන වේගයක් අත්කර ගනු ඇති බව ද ලෝක බැංකුව නිකුත් කළ නවතම ආර්ථික වාර්තාවෙහි සඳහන් වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *