ලංකාවේ අන්තිම ජනාධිපති රනිල්…! නැවත ජනාධිපතිවරණ නෑ…! විධායක ජනාධිපති ධූරයත් අහෝසියි..!

February 11, 2024 at 10:05 am | by emanisa.lk

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සිදුකළ යුතු බවට විශේෂ සාකච්ඡාවක් ආණ්ඩුව පාර්ශ්වයෙන් හා සිවිල් සංවිධාන අතර සිදුවන බව වාර්තා වෙයි.

ඊට කිසිදු පක්ෂයකට විරුද්ධ වීමට නොහැකි බව ඔවුන්ගේ තර්කය වී තිබේ.

ඒ සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක කැමැත්ත ලබා ගැනීම කිසිදු ගැටලුවක් නොවන බවට මෙම සාකච්ඡාවේදී අදාළ පාර්ශ්ව අවධාරණය කර ඇති බව ද දැන ගන්නට ඇත.

ජනමත විචාරණයක් පවත්වා බහුතර ජනතාවගේ කැමැත්ත ලබා ගැනීමට හැකිවනු ඇතැයි ජනාධිපතිවරයාගේ විශ්වාසය බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරයි.

ලබන මාර්තු මාසය වනතෙක් ගමන් කර අලුත් අවුරුදු නිමාවෙන් පසුව යම් ස්ථාවරත්වයක් රට තුළ ගොඩනැඟෙනු ඇති බව මෙම සිවිල් සංවිධාන නියෝජිතයන්ගේ අදහස වේ. ඉන්පසුව සමාජ කතිකාවක් ඇරඹිය යුතු බවට සාකච්ඡා කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *