ලංකාවට ‍ණය දෙන්න දැයි ඉන්දියාව සජිත්ගෙන් අසයි…! ජනතාව ගැන සිතා සජිත් අනුමැතිය දෙයි…!

December 20, 2021 at 10:04 am | by emanisa.lk

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ඉන්දීය බලධාරීන් විසින් හදිසි දුරකතන ඇමතුමක් ලබා දී ඇති බව වාර්තා වේ.

මේ වන විට ආණ්ඩුව ඉන්දියාවෙන් ඉල්ලා ඇති ණය මුදල සම්බන්ධයෙන් මෙහි දී ඉන්දීය බලධාරීන් විසින් විපක්ෂ නායකවරයාගේ මතය විමසා ඇති බව දැනගන්නට ඇත.

මෙහි දී විපක්ෂනායකවරයා ඉන්දියාවට අවධාරණය කොට ඇත්තේ ආණ්ඩුවේ වැරදි ක්‍රියාමාර්ගවලට ජනතාව දඬුවම් විඳය යුතු නැති බවත්, මූල්‍ය අර්බූදයෙන් ගොඩ ඒම සදහා ඉන්දියාවේ සහාය ලංකා රජයට ලබා දෙන ලෙසත්ය.

කෙසේ වෙතත් රටේ ජනතාවගේ නිදහස, අයිතිවාසිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා විය යුතු බව ද මෙහි දී විපක්ෂ නාකවරයා ඉන්දීය රජයට පෙන්වා දී ඇති බව වාර්තා වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස