ලංකාවට වහා ම සම්බාධක පනවනු! යුද අපරාධ විමර්ශනය කරනු! – යහපාලන මැකො ජාත්‍යන්තරයෙන් ඉල්ලයි..

December 9, 2020 at 7:47 am | by emanisa.lk

හිටපු මැතිවරණ කොමිෂන් සභික රත්නජීවන් හූල් ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා විමර්ශනය කරන ලෙසත් මෙ රටට ආර්ථික සම්බාධක පනවන ලෙසත් ජාත්‍යන්තර ප‍්‍රජාවෙන් ඉල්ලා ඇත.

යුද අපරාධ සිදුකළ බවට සාක්‍ෂි ඇති බව සඳහන් කරන හූල් එම යුද අපරාධ සිදුකළ අය ඉහළ ධුරවලට පත්කර ඇතැයි ද කියා සිටියි.

එසේ ම ද්‍රවිඩ ජනතාවට මළවුන් සැමරීමට (කොටි සැමරුම්) රජය ඉඩ දී නැති බවට ජාත්‍යන්තර ප‍්‍රජාවට පැමිණිලි කරන හූල් ජීනිවා යෝජනාව ඉටුකිරීමට රජය ක්‍රියාකර නැතැයි ද දන්වා ඇත.

වත්මන් රජය ද ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ සිදුකර නැතැයි යන පිළිවෙත අනුමත කරන බව ද ඔහු ජාත්‍යන්තර ප‍්‍රජාවට පැමිණිලි කර තිබේ.

පසුගිය සමයේ කොළඹ සිටිමින් යාපනේ සිට රැකියාවට පැමිණෙන බව පවසා විශාල දීමනාවක් ලබා ගැනීම, කොමිසමේ නිල වාහන සහ නිල නිවාස අවභාවිතය පිළිබඳ චෝදනා එල්ල වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *