ඇෆ්ගනිස්ථානයේ මතුව ඇති අර්බුදය හමුවේ එහි රැඳී සිටින ලාංකිකයින්, ලංකා තානාපති කාර්යාල නිලධාරීන් ඇතුළු පිරිසෙහි ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
සාක් සංවිධානය ද සිය සාමාජික රටක් ලෙස ඇෆ්ගන් ජනතාවගේ ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් විය යුතු බව ඔහු සඳහන් කරයි.
එසේ ම දැනට ලංකාවේ රැඳී සිටින සහ අනාගතයේ ලංකාවට පැමිණීමට නියමිත ඇෆ්ගන් සරණාගතයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කළ යුතු බවත් සජිත් ප්‍රේමදාස අවධාරණය කරයි.