ලංකාවට එද්දි රත්තරන් පැළඳ ආවොත් අත්අඩංගුවට ගන්නවා…! – රාජ්‍ය මුදල් ඇමැති…

October 16, 2022 at 9:23 am | by emanisa.lk

ජාවාරම් කිරීමේ අරමුණෙන් ප්‍රමාණය ඉක්මවා රන් භාණ්ඩ පැළැඳ පිටරට සිට මෙරටට පැමිණෙන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා වහාම පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

මෙලෙස රන් භාණ්ඩ පැළඳ ඒම හේතුවෙන් මසකට ඇමෙරිකානු ඩොලර් මිලියන 30 ක් පමණ ආදායමක් රටට අහිමි වන බව ඇමැතිවරයා පෙන්වා දෙයි.

දැනටමත් මෙම ජාවාරම්කරුවන් හඳුනා ගැනීම සිදු කර ඇති බවත් කඩිනමින් ඒ සඳහා අවශ්‍ය නීතිමය පියවර ගන්නා බවත් පවසන ඇමැතිවරයා මේ හේතුවෙන් සාමාන්‍ය මගීන්ට කිසිදු අසාධාරණයක් සිදු නොවන බව ද අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *