ලංකගම ළමයි පාසල් ගිය අතුර වෙනුවට ගමට අලුත් පාලමක්….!

April 10, 2021 at 10:18 pm | by emanisa.lk

ලංකගම ජනතාව වෙනුවෙන් ඉදිකළ පාළම අද (10) ජනතා අයිතියට පත්ව තිබේ. ඒ සඳහා ආයෝජනය කර ඇති මුදල රු. ලක්ෂ 310කි.

දශක ගණනාවක් තිස්සේ ලංකගමට පාලමක් නොමැති අඩුව පැවැති අතර කුඩා ළමුන් පවා පාසල වෙත ගියේ කඹයක එල්ලී ගඟ තරණය කරමිනි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගම සමඟ පිළිසඳර වැඩසටහනක් ලංකගම පැවැති අතර ඒ සමඟ ගමට වැටී ඇති මාර්ගය කාපට් අතුරා සකස් කළ අතර බොහෝ පහසුකම් ද ලැබිණි.

70 වසරකට අධික පාලනයෙහි අඅසාර්ථකත්වය පිළිබඳ කියන්නට ජනතා විමුක්ති පෙරමුණ මෙතෙක් පැවැති අතුර වැනි පාළමෙහි සිසුවියක ගමන් කරන ඡායාරූපය නිතර භාවිත කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *