රෝහල්වල දැඩි වෛද්‍ය හිඟයක්…. මාරු හදා ගන්න වෛද්‍යවරු දේශපාලකයන් පස්සේ….!

January 15, 2025 at 10:08 am | by emanisa.lk
තම අභිමතය පරිදි ස්ථාන මාරු ලබා ගැනීමට විශේෂඥ වෛද්යවරුන් සිය දේශපාලන හිතවත්කම් භාවිත කිරීමේ ප්රවණතාවක් නිරීක්ෂණය වී ඇති බව වාර්තා වෙයි.
විශේෂඥ වෛද්යවරුන් සඳහා ස්ථාන මාරු ලබා දීමේදී අමාත්යාංශය පිළිගත් මාරු මණ්ඩලයක්, ක්රමවේදයක් පවතින අතර එහිදී වෛද්ය අවශ්යතාව, ජ්යෙෂ්ඨත්වය ඇතුළු නිර්ණායක ගණනාවක් සලකා බලා එම පත්වීම් ක්රියාවලිය වාර්ෂිකව සිදු කරයි.
කෙසේ වුවද මෑතකදී එම ක්රියාවලියෙන් බැහැරව විශේෂඥ වෛද්ය පත්වීමක් සිදුවූ අතර තවත් වෛද්යවරයෙකු මේ වන විට සිය පත්වීම ලද රෝහලේ වැඩ භාර ගැනීමට මෙතෙක් ක්රියා කර නොමැති බව වාර්තා වේ.
එක් විශේෂඥ මනෝ වෛද්යවරියක් සිය පත්වීම ලද උතුරු පළාතේ රෝහල වෙත වාර්තා නොකොට රජයේ දේශපාලඥයන්ගේ සහාය ගෙන එම ස්ථාන මාරු වෙනස් කර ගැනීමේ ප්රයත්නයක යෙදෙන බව වාර්තා වේ.
මෙම තත්ත්වය සම්බන්ධයෙන් ශ්රී ලංකා විශේෂඥ මනෝ වෛද්යවරුන් විද්යායතනයද අවධානය යොමු කර ඇති බව වාර්තා වන අතර එම විද්යායතනය සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා වෙත ලිඛිතව දන්වා ඇත්තේ, අවම වශයෙන් එක් දිස්ත්රික්කයකට එක් විශේෂඥ මනෝ වෛද්යවරයකුවත් සිටිය යුතු බව ය.
එසේ වුවද දැනට මුලතිව්, කිලිනොච්චිය මන්නාරම සහ වව්නියාව දිස්ත්රික්කවල එක් විශේෂඥ වෛද්යවරයෙකු හෝ නොමැති බව එම ලිපියෙන් පෙන්වා දී ඇත.
ඉහත වෛද්යවරිය ද මෙයින් එක් දිස්ත්රික්කයක් නියෝජනය කරන වෛද්යවරියක වන අතර ඇය තම පර්යේෂණයක් අවසන් කිරීම සඳහා බව කියමින් වෙනත් රෝහලක පත්වීමක් අමාත්යාංශය වෙත ඉල්ලීමක් කර ඇති බව සඳහන් වේ.
ඇය මේ සඳහා දේශපාලන සහායද ඉල්ලා ඇතත් මෙතෙක් දේශපාලන අධිකාරියෙන් මේ සඳහා බලපෑමක් එල්ල වී නැති බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ වනවිට සායනික සේවාවන්හි යෙදෙන වෛද්යවරුන් සිටින්නේ 1,900ක් පමණ සංඛ්යාවක් වන අතර විශේෂඥ වෛද්යවරුන් 3,000ක් පමණ රෝහල් පද්ධතියට අවශ්ය බව වාර්තා වේ.
පසුගිය කාලයේදී විශේෂඥ වෛද්යවරුන් රැසක් විදේශ ගත වීම හේතුවෙන් මේ වනවිට රෝහල් ගණනාවක පුරප්පාඩු නිර්මාණය වී ඇතත් උතුරු නැගෙනහිර ප්රදේශ ඇතුළු සාපේක්ෂව දුෂ්කර පළාත්වලට පත්වීම් ලබන වෛද්යවරුන් මෙසේ දේශපාලන හෝ ඉහළ බලධාරීන්ගේ සහාය ලබා ගැනීමට උත්සාහ කිරීමෙන් මේ වන විටත් දේශපාලකයන්ද නිලධාරීන් ද අපහසුතාවට පත්ව ඇති බව අනාවරණය වේ.
 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *