රෝසිගේ නිල නිවසේ විදුලිය කපයි…!

August 9, 2023 at 2:17 pm | by emanisa.lk

මාස 4ක් තිස්සේ විදුලි බිල නොගෙවීම නිසා කොළඹ හිටපු පුරපති රෝසි සේනානායකගේ නගරාධිපති නිල නිවසේ විදුලි බලය ඊයේ (08) විසන්ධි කර තිබේ.

ඉකුත් මාර්තු මාසයේ 19 වන දා සිට විදුලි බිල නොගෙවීම නිසා රුපියල් ලක්ෂ 6ක විදුලි බිලක් ගෙවීම පැහැර හැර තිබුණු බව විදුලි බල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව, අද පෙරවරුවේ නගරාධිපති නිල නිවසට ගිය විදුලි බල මණ්ඩල නිලධාරීන් පිරිසක් එහි විදුලිය විසන්ධි කර තිබේ.

නගර සභා ආරංචි මාර්ග සඳහන් කළේ, ඇය තනතුරින් ඉවත්ව තිබියදීත් පුරපති නිවසේ රැඳී සිටීම හේතුවෙන් එම බිල ඇය ගෙවිය යුතු බව ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *