රු. දේසීයේ පෙට්‍රල් විකුණන්නේ රු. 400ට…! – පාඨලී…

February 5, 2023 at 9:28 am | by emanisa.lk

හදිසියේ පෙට්‍රල් මිල ඉහළ දැමීම කිසිදු මිල සූත්‍රයකට අනුව සිදු නොවුණු දෙයක් බවත් එය හුදෙක් හිතුමතයට කළ දෙයක් බවත් 43 වැනි සේනාංකයේ නායක පාඨලී චම්පික රණවක පවසයි.

ප්‍රවාහන ගාස්තු පවා ගෙවා අද වන විට වරායෙන් ගොඩබාන පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 200ක් බවත් ලෝක වෙළෙඳපොළේ තෙල් මිල පහළ ගොස් ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

රුපියල් 200ක පෙට්‍රල් ලීටරයකට තවත් රුපියල් 200 ක් එක් වී තිබෙන්නේ පෙට්‍රල් සඳහා දැවැන්ත බද්දක් පැනවීම නිසා බවත් හෙතෙම සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *