රුසියා-යුක්‍රේන යුද්ධයට මැදි වී සිටින ලාංකිකයන් බේරා ගැනීම සඳහා හැකි ඉක්මනින් ධූත පිරිසක් රුසියාවට යැවීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබේ.
අද (16) උදෑසන පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා සඳහන් කළේ, විදේශ කටයුතු අමාත්‍යාංශය, ආරක්ෂක ලේකම්වරයා සහ හිටපු තානාපතිවරයෙකු ඇතුළු පිරිසක් නියෝජනය කරමින් එම ධූත පිරිස යැවීමට ජනාධිපතිවරයා උපදෙස් දුන් බවය.
රුසියාවට ගිය පුද්ගලයින්ගේ තොරතුරු එක් කිරීම සඳහා මේ වන විට ආරක්ෂක අමාත්‍යාංශයේ ක්ෂෙණික දුරකථන අංකයක් ද ක්‍රියාත්මක වන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ වන විට රුසියානු – යුක්‍රේන යුද්ධයට එකතු වූ ශ්‍රී ලාංකිකයන් 16 දෙනෙකු මිය ගොස් ඇති අතර රුසියාවට ගිය පුද්ගලයන් පිළිබඳ පැමිණිලි 288ක් ලැබී තිබේ.